Sep 20, 2012

අභියාචනය.....








   මේක කවියක්ද, නිසඳැසක්ද, වෙන මොකක් හරිද කියන්න මං දන්නෙ නෑ. මට හිතුන, මං ලිව්ව. මේ නිර්මාණය මගෙ අතින් වෙලා ටික කාලයක්. මූණු පොතට නම් දැම්ම. මේක මේ විදිහට ලියවෙන්න අතීත සිදුවීමක් වගේම මූණු පොතෙත් පොඩි සම්බන්ධයක් තියනව. මේක ලියන්න මූලික උන සිදුවීම මොනවගේ එකක්ද කියල තීරණය කිරීම ඔබට භාරයි.





කල වැරදි වැඩි නිසාම
දරුණු දඬුවම් සමග
තීන්දුව ලියවිලා
දඬුවමත් විඳවමින්
කරන්න ඉතුරු වෙලා තිබුන
එකම දේ..........

ඒකත් මම අද කලා
දෙපාරක් නොහිතාම
දාපු අභියාචනයත්
Accept නොවෙන කොට
තවත් කරන්න එකම එක දෙයක්
ඉතිරි වෙලා තිබුනා

ඒ...............

වැරදිකාරයෙක් විදියට
ජීවත් වෙලා
වැරදිකාරයෙක් විදියටම
මැරිල යන එක......


මූණු පොතේ දැම්මෙ මෙහෙම...





9 comments:

  1. ඇවිත් ගියාට ස්තූතියි.

    ReplyDelete
  2. සිතිවිල්ල ලස්සනට පද බවට හැරිලා තියන්නේ.

    ReplyDelete
  3. මේ පැත්තෙ ආපු එකට ස්තූතියි.

    ReplyDelete
  4. කවි වලට විරාමයක් දීලා කථාවක් ගෙතුවොත් නරකද වෙනසකටත් එක්ක...

    ReplyDelete
  5. මචන් කමෙන්ට් වලට රිප්ලයි කරන කොට කමෙන්ට් එකට යටින් තියන Reply බට්න් එක ඔබල දෙන්න. එතකොට ඔයාගේ කමෙන්ට් එක පොඩ්ඩක් ඉස්සරහට වෙන නිසා වෙන් කර ගන්න පහසුයි.

    ReplyDelete