ආයෙමත් වහිනව
මං දකින්න ආසම විදියට
එදා වැස්ස විදියටම...
පොඩි පොඩි වැහි බිංදු මහ ගොඩක්
පොළොවට වැටෙනව
රිද්දන්නෙ නැතුවම
එදත් මේ විදියමයි...
නොතෙමීම නුඹ යන දිහා
තෙමි තෙමී බලං ඉන්නව මං
දැනුනෙ නෑ බිඳක් වත්
තෙමෙන බව නම්
අහිතක් නෑ
වැස්ස ගැන
තෙමුනත් මං
නොතෙමී නුඹ ගිහින්...
වැරදිලාවත් තෙමුන දවසක
නුඹට වැටහෙයි
මොනතරම් නම්
ළෙංගතුද මේ වැස්ස
අදත් ඒ වැස්සමයි
තවත් නම් බෑ බලන් ඉන්න
මේ වැස්ස දිහා
මූණ හොඳටම තෙමෙනව
වැස්සට නෙවෙයි...
වැස්ස කියන්නෙ හරිම සොදුරු සිද්ධියක්... ඉස්සර දවසක සිරා පෙම්වතකුව සිටින විට වර්ෂාව ආශිර්වාදයක් වුනා...ඒ වගේ දවස් වලට පෙම්වතියට වැඩිපුර කිට්ටු වෙලා යන්න පුලුවන් නිසා සිරා වැස්සට ප්‍රිය වුනා... එහෙත් වැසි දිය ටික වෙලාවකින් නැතිව යනවා වගේ සිරාගෙ ආදරිත් ටික කාලෙකින් මගෙන් සමුගත්තා... අදත් වැසි සහිත දිනෙක ඒ සොදුරු අතීතය සිහිපත් නොවෙනවාම නොවෙයි... ඔබේ නිර්මාණය නැවතත් ඒ අතීතය මට මෙනෙහි කලා...ජය!
ReplyDeleteඇවිත් ගියාට ස්තූතියි. එහෙම බලද්දි වැස්සනම් ඕනෙම නෑ.
ReplyDeleteතවත් නම් බෑ බලන් ඉන්න
ReplyDeleteමේ වැස්ස දිහා
මූණ හොඳටම තෙමෙනව
වැස්සට නෙවෙයි...
රූරා වැටෙන කඳුළු බිඳු වලට!
:(
තවත් නම් බෑ බලන් ඉන්න
Deleteමේ වැස්ස දිහා
මූණ හොඳටම තෙමෙනව
වැස්සට නෙවෙයි...
මෙහෙම කියල නැවැත්තුවෙ ඉතිරි ටික බලන අයට හිතාගන්න ඉතුරු කරල. ඔයා හරියටම කියල තියනව.
මොකෝ රෙහානි අඩන්නෙ...
Deleteහපොයි.... මං නම් දන්නෙ නෑ ඕං.
Deleteසුපිරියි ඈ..
ReplyDelete