හැමෝගෙන්ම අවසරයි.
බ්ලොග් කියවන්න පටන් අරන් වැඩි කාලයක් නැතත් මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන්ගන්න. වැඩිය හුරු පුරුදු දෙයක් නොවුනත් ඒ උත්සාහය තමයි මේ විදිහට සඵ්ල වෙන්නෙ.
ලියන්න පටන්ගත්තට හරි අරමුණක් නෑ කොහෙන් පටන්ගන්නද, මොනව ලියන්නද කියල. හරියට මේ ජීවිතේ වගේ. අවුරුදු 23 ක් ගෙවිල ගිහින් තියන මේ ජීවිත කාලය පුරාවට ලබපු අත්දැකීම්, වෙච්ච සිදුවීම්, ඇහූ දුටු දේ අනන්තයි, අප්‍රමාණයි. මං හිතාගෙන ඉන්නෙ ඒ දේවල් එකින් එක මේ බ්ලොග් එකේ කුරුටුගාන්න. ඒත් ඉතින් ඒ හැම දෙයක්ම ඒ විදියටම ලියන්න බෑ. එහෙම කලොත් ඉතින් රෙදි නැතුව පාරෙ ගියා වගේ තමයි. ඒ හින්ද ලියන දේවල් ටිකක් විතර කපල කොටල නමල දිගඇරල තමයි ලියන්න වෙන්නෙ.
ලියන පෝස්ට් කියවල බලල හොඳයි නම් ඉස්සරහට යන්න පොඩි සප් එකක් දෙන්න. එහෙනම් සිංහල බ්ලොග් අවකාශයට මාවත් පිළිගන්න.
ප/ලි :
බ්ලොග් එකක් කියල මං ඉස්සෙල්ලම කියෙවුවෙ සඳරුගෙ හිස් අහස බ්ලොග් එක. හිස් අහස කියවගෙන යනකොට තමයි හිතුනෙ මමත් බ්ලොග් එකක් කරන්න ඕනෙ කියල.
ඒ වගේම " ලියපං, ලියපං උඹට ලියන්න පුලුවන් " කියල බ්ලොග් එක පටන්ගන්න සෑහෙන සප් එකක් දුන්නු යාළුව තමයි මහේෂ්.
බ්ලොග් එක පටන්ගන්න එකේ වැඩි ගෞරවය ඔය කියපු සඳරුටයි මහේෂ්ටයි දෙන්නටත් ලැබෙන්න ඕන.
නියමයි මචන්...වැඩේ දිගටම කරගෙන යමං.මගෙන් සුබපැතුම්
ReplyDeleteතෑන්ක් යූ මචං. පළවෙනි පෝස්ට් එකට පළවෙනි කමෙන්ට් එක උඹෙන්.
Deleteසිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් :)
ReplyDeleteසුභ පැතීමෙන් ශක්තියක් වීම පිළිඹඳව මගේ ප්‍රණාමය.
Deleteඅවුරුදු 23 කියන්නේ හොඳ වයස. මං යුනිවසිටියෙන් පිට වෙලා ජොබ් එකකට ගිය කාලේ. වගකීම් අඩුයි ජීවිතේ සැහැල්ලුයි.
ReplyDeleteදිගු කාලයක් ලියන්න ලැබේවා යැයි පතමි!
කථන්දරගේ පැමිණීම අගයකොට සලකමි.
Delete\\වගකීම් අඩුයි. ජීවිතේ සැහැල්ලුයි//.ඇත්ත තමා.