
පළවෙනි පෝස්ට් එක දාපු දවසෙ ඉඳල කල්පනා කලේ ඊළඟට දාන පෝස්ට් එක මොකක්ද කියල. පෝස්ට් එකට ලියන්නෙ මොනවද කියල කල්පනා කරන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳන් දාහක් දේ හිතට ආවත් ඒ සේරම නාගත්ත, ඇනගත්ත, අනාගත්ත සීන්. පටන්ගත්ත අලුත ඕව දාන්න ගිහින් බ්ලොග් එකත් අනාගන්න වෙයි කියන බය හිතට දැනුන නිසාම ඒ අදහස අතෑරල දැම්ම. ඒත් ඉතින් වැදගත් දෙයක් මතක් වෙන්නෙම නෑ. මට වෙලා තියෙන්නෙ චාටර් සීන් විතරමද කොහෙද.
ඔය ඉන්න අතරෙ තමයි කල්පනා උනේ මේ ගෙව්නු අවුරුදු 23 දිහා ආපහු හැරිල බැලුවොත් නරකද කියල. ඒ හැරිල බලපු බැල්ම තමයි මේ.
පහුකරන් ආපු අතීතය දිහා කොච්චර වෙලා බලන් හිටියත් වැඩිපුරම මතකෙට එන්නෙ අවුරුදු 13 ක් පුරාවට ඉස්කෝලෙත් එක්ක ගෙවිල ගියපු ඒ අසම සම කාල පරිච්ඡේදය. ජීවිතේ මොනතරම් සැපවත්, සාරවත්, රසවත්, සොඳුරු කාල පරාසයන් පහුකරන් ආවත් ඒ හැම මතකයකටම වඩා හිත ඇතුලෙ ගැඹුරින්ම තැන්පත්වුනු ළෙංගතුම මතකය වෙන්නෙ අපි ගතකරපු පාසල් ජීවිතය. ඉස්කෝලෙ ගියපු ඕන මනුස්සයෙක්ට ඔය කතාව සාධාරණයි. ඒක මටත් ඒ විදියම තමයි.
ඉස්කෝලෙ ගියපු අවුරුදු 13 න් 11 ක්ම ගෙවුනෙ මෙලෝරහක් නැතුව. හරියට උපදින්න මවු කුසක් ලැබෙනකං හිස් අවකාශෙ පාවෙන ගන්ධබ්බ ආත්මයක් වගේ. එහෙට මෙහෙට පාවෙවී. ගෙදරින් යන්න කියන හින්ද යනව, ලියපං කිවුවාම ලියනව, කියවපං කිවුවාම කියවනව, කරන කියන කිසිදේක තේරුමක් දන්නෙ නෑ. කොටින්ම කියනවනම් ඉස්කෝලෙ යන එකේ, ඉගෙනගන්නව කියන එකේ අවසාන අරමුණ, ඉලක්කෙ මොකක්ද කියලවත් මට තේරුමක් තිබුනෙ නෑ. ගෙදරිනුයි ඉස්කෝලෙනුයි ඒ අරමුණ මොකක්ද කියල අනන්ත කියල දුන්නත් මං ඒක තේරුම්ගන්න එච්චර උනන්දු උනෙත් නෑ.
හැබැයි ඉතින් එහෙමයි කියල මං අර පිස්සුකෙලින, වලි දාගන්න, රස්ථා සෙට් එකට වැටුනෙත් නෑ. පන්තියෙ හිටපු නිහඬ නිසොල්මන් එකෙක් තමයි මං. 10, 11 පන්තිවල ඉන්න කාලෙ පන්තියෙ උන් ටවුන් එකේ වලි වලට බහිනකොට උන්ගෙ පොත් ටික දීල යන්නෙ මගෙ අතට. උන් දන්නව වලිය ඉවරවෙලා එනකන් පොත්ටික මං ගාව පරිස්සමට තියනව කියල. මොකද අපේ එකෙක් මැරුනත් මං වලියට එන්නෙ නැති බව කට්ටිය දන්නව.
මීටරයකුත් නොවී වල බහින්නෙත් නැතුව ඔය දෙකටම මැදින් ඉඳල ඕලෙවල් කල නිසාමද කොහෙද මට හම්බවුනෙ එහෙටත් නැති මෙහෙටත් නැති රිසල්ට් එකක්. නිකන් ෆේලුත් නෑ, පාසුත් නෑ වගේ. ඒ හින්දම ඒලෙවල් කරන්න සෙට් වුනේ ආර්ට්. එදා මෙදා තුර මං දැකපු හෘදයාංගම ම විශය ධාරාව . ඒලෙවල් වල තිබුන සබ්ජෙට් ගැන මට හිතෙන්නෙ එහෙමයි. වෛද්‍ය ක්ෂේත්රයේ හිණිපෙත්තට ගිය විශේෂඥ වෛද්‍යවරු , අසම සම නිමැවුම් මවන ඉංජිනේරුවන් බිහිකරන්න මේ විශය ධාරාවෙන් නොහැකි වුනත් මහපොළවෙ පයගහල ඉන්න සොඳුරු හදවත් තියෙන සංවේදී මිනිස්සු කොට්ඨාශයක් මේ හරහා බිහිවෙනව මං දැකල තියනව.
ඔය කාලෙ වෙනකොට මුලින් කියපු මෙලෝරහක් නැතුව ගතකරපු අවුරුදු 11 ගෙවිල ඉවරයි. මෙතනින් තමයි ජීවිතේට බොහොමයක් අත්දැක්කීම් එක්කරපු, ජීවිතේ බරක් පතළක් ගැන අවබෝධයක් මුහුකරපු සුදුවීම් සමුදායක් දිගහැරුනු දෑවුරුද්දක ඇරඹුම සනිටුහන් වෙන්නෙ. ඒත් මේ පෝස්ට් එකේ ඒ ගැන විස්තරයක් කරන්න ඉඩ කඩ මදි නිසා ඒක කල්දාන්නයි අදහස.
කට්ට කාගෙන ඒ අවුරුදු දෙක ගෙවපු නිසා තෑග්ගක් විදිහට ලැබුණු "සී" අකුරු තුනත් කරපින්නගෙන පාසල් ජීවිතේටත් ආයුබෝවන් කිව්වෙ තව සැරයක් එක්සෑම් කරන්න කියල ගෙදරින් වගේම වටපිටිනුත් තිබුණු ඉල්ලීම් සියල්ල නොසලකා හරිමින්. මං හිතන්නෙ ඒ දවස්වල නරක ග්‍රහයෙක් මගෙ ලග්නෙ රන් කරන්න ඇති. අපරාදෙ...
කොහොමින් කොහොම හරි ලෝකෙ නැති කෝස්, ඩිප්ලෝමා පස්සෙ අවුරුද්දක් විතර පන්නල පන්නල එපා වුන තැන ජොබක් සෙට් කරගත්ත. මාස තුන හතරකට පස්සෙ හරි සන්තෝසෙන් එතෙන්ටත් ආයුබෝවන් කියල අළුත් ජොබකට බැස්ස මං එතන නම් අවුරුදු එකහමාරක් වැඩ කලේ කවදාවත් නොතිබුන උනන්දුවකින් වගේම කිරල මැනල පෙන්නන්න බැරි තරමේ දැනුමක් සහ අත්දැකීම් මහ ගොඩකුත් එකතු කරගන්න ගමන්.
ඒ අවුරුදු එකහමාරෙන් පස්සෙ එතනටත් සමුදීල ගෙදර ඉන්න අතරෙ හිතට වැටුනු අදහසක් නිසා මෙතෙක් ආ මග ටිකක් විතර වෙනස් වුනාද මන්ද. කලින් ලැබුණු දැනුම වගේම අත්දැකීමුත් එකතුකරන් මං පටන්ගත්තෙ මගේම කියල ටිකක් විතර පුංචි කම්පියුටර් ෂොප් එකක්. ඒ දැනට මාස හයකට විතර කලින්. අදටත් මං මේ පෝස්ට් එක ලියන්නෙත් එතන ඉඳන්.
ඔය විදිහට තමයි පසු කල මග දිහා ආපහු හැරිල බලපු මට පෙනුනෙ. පෝස්ට් එක කියවන අය කොහොම දකියිද කියල මං දන්නෙ නෑ. කොහොමත් මං දකින දේවල් මට පේන්නෙ
අනිත් අයට වඩා ටිකක් අමුතු විදිහට.
"පළවෙනි පෝස්ට් එක දාපු දවසෙ ඉඳල කල්පනා කලේ ඊළඟට දාන පෝස්ට් එක මොකක්ද කියල. පෝස්ට් එකට ලියන්නෙ මොනවද කියල කල්පනා කරන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳන් දාහක් දේ හිතට ආවත් ඒ සේරම නාගත්ත, ඇනගත්ත, අනාගත්ත සීන්. පටන්ගත්ත අලුත ඕව දාන්න ගිහින් බ්ලොග් එකත් අනාගන්න වෙයි කියන බය හිතට දැනුන නිසාම ඒ අදහස අතෑරල දැම්ම. ඒත් ඉතින් වැදගත් දෙයක් මතක් වෙන්නෙම නෑ. මට වෙලා තියෙන්නෙ චාටර් සීන් විතරමද කොහෙද."
ReplyDeleteසීන්වල චාටර්කං හිත හිත ඉන්න ගියොත්නං බොට මෙලෝ දානයක් ලියන්න වෙන්නේ නැහැ..එහෙම කරන්නේ නැතිව අහුවෙන උලව්වක් ලියහං පිළිවෙලකට..මතක තියාගන්න ඕන කියවන කෙනා ඔය ලියන එක කාරණයක්වත් දන්නේ නැහැ කියන එක.. ඒ හින්දා තමුන් දැනං හිටියට මදි ඒක අනිත් කෙනාගේ හිතේ ඇදෙන විදියට..මැවිලා පේන විදියට කරුණු ඇතිව ලියන්න ඕන.. හැබැයි කෙටි වෙන්නත් ඕන.. අනිත් එක තමා බ්ලොග් එක ඇනගන්නවා කියලා දෙයක් නැහැ... බ්පොග් කියන්නේ බ්ලොග් එච්චරයි... ඊ ළග ලිපියෙන් මොනවා හරි කියවන්න කතාවක් එයිද කියලා බලමු...
ඔක්කෝටම කලින් සෙටින්ග්ස්වලට ගිහින් මේ වර්ඩ්වෙරිෆිකේෂන් එක අහක් කරලා දාන්ට...
කරපු ආරාධනාව පිළිඅරන් මේ පැත්තෙ ඇවිදින් ගියාට මාර අයියට ගොඩක් පිං. තාම අළුත් නිසා පොඩි පොඩි වැරදි සිද්ධවෙනව. සමාවන සේක්වා!!!! මේ විදිහට වැරදි හදාගන්න ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබෙනව නම් ඒක ලොකු හයියක්. දුන්නු උපදෙස් ඉහළින්ම පිළිපදින්න වග බලාගන්නව.
ReplyDeleteආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
ReplyDeleteජීවිතේ වගේම බ්ලොගේත්..
"ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි.."
Deleteඒ යායුතු දිගු මාර්ගයේ අවසන තෙක්ම මේ විදිහට සහයෝගය දෙයි කියල බලාපොරොත්තු වෙනව. ඇවිත් ගියාට ස්තූතියි.
මාරයගෙ හෝරාවට දාපු ලින්ක් එක හරහා ආවේ . කියන්න ඕන ටික මාරයා අයිය පැහැදිලිව ලියල තියෙනවා . කෙසේ වෙතත් ලිවිය යුතු දෑ සරළව පැහැදිලිව රසවත් ආකාරෙයෙන් ලිව්වම් කවුරුත් ආසාවෙන් බලයි . ලිපි කීපයක් ලියනකොට ඔබට අත්දැකීම් ලැබෙනකොට අඩු පාඩුත් හදා ගන්න පුලුවන් වෙයි .
ReplyDelete…
…එහෙනම් ඔබට ජය !
මේ පැත්තෙ ආවටත්, දුන්න උපදෙස් වලටත්, ජය ප්‍රාර්ථනාවටත් ස්තූතියි.
Deleteමාරයාට කළ ආරාධනාව දැකලා මාත් ආවා.ටිකක් අත හුරුවෙනකොට මේ බ්ලොග් එක නැගල යාවි.මලයට සුබ පතනවා.
ReplyDeleteඇවිත් ගියාට ස්තූතියි. අයියගේ සුබ පැතීම මලයට ලොකු හයියක්.
Deleteඋඹට හොදට ලියන්න පුලුවන් කියල මේ පෝස්ට් එකෙන් තෙරෙනවා.අපිට උනු චාටර් සීන් එහෙමත් ලියපන්...මතකනේ ඒ කාලේ කෙලපු පිස්සු..උබට දිගටම ලියන්න හැකියාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..
ReplyDelete"අපිට උනු චාටර් සීන් එහෙමත් ලියපන්...මතකනේ ඒ කාලේ කෙලපු පිස්සු.."
Deleteඋඹට පිස්සුද?. උඹ කියන්නෙ අර පොලිස් කාරයගෙ අත ඉඹපු ඒව එහෙමත් ලියන්න කියලද. ඉන්න හම්බෙන්නෙ නෑ.
ඔයා කැමතිනම් පහත සඳහන් රීඩර් එකට ඔයාගෙ ලිපි දාන්න . ඔබගේ ලිපි ගොඩක් අය අතරට යනවා වගේම අනිත් අයගේ බ්ලොග්ස් පිලිබඳවත් ඔයාට දැනගන්න පුලුවන් .
ReplyDelete…http://www.facebook.com/groups/iamablogreader/?ref=ts
මේ කරන උදව් වලට ගොඩක් පිං...
DeleteKiyewwaa aayith ennam meeta wadaa comment ekak dhaanna..
ReplyDeleteWeni
ආයෙත් එමු.
Deleteඅව්‍යාජව අදහස් දක්වලා නොවැ. මගේ කතාවත් මේකට ටිකක් සමානයි වගේ :)
ReplyDeleteඑහෙනම් ඒ කතාවත් ලියමු නේ...
Deleteලියන්න තියෙන කතා ලිස්ට් එකක් හදාගෙන එක එක ලියන්න පටන් ගන්න. ඇත්තටම කියනවා නං කීපයක් මුලින් ලියාලයි වැඩේට බහින්ණ තිබුණේ.
ReplyDeleteදෙතුන් පාරක් කියවලා එඩිට් කරලා පල කරන්න.
චාටර් සීන් තමයි අපි කාටත් තියෙන්නේ.
\\ලියන්න තියෙන කතා ලිස්ට් එකක් හදාගෙන එක එක ලියන්න පටන් ගන්න. ඇත්තටම කියනවා නං කීපයක් මුලින් ලියාලයි වැඩේට බහින්ණ තිබුණේ.//
Deleteමටත් දැන් නම් එහෙම හිතෙනව. බලමු එහෙම කරන්න දැන්වත්.