Oct 16, 2012

‍යතුර වෙනුවට.....










     මෑත අතීතයේ ඒ කියන්නෙ මං දැන් කරගෙන යන කම්පියුටර් ෂොප් එක පටන් ගන්න කලින් වැඩ කරපු ඔෆිස් එකේ ඉන්න කාලෙ. එදා ඉතිං සුන්දර නිවාඩු ඉරිදා දවසක්, ඔෆිස් වල වැඩ කරන අනිත් අයට වගේම මටත්. ඒත් ගෙදර ඉන්න කම්මැලියි. වැඩ කරන තැනින් දීල තිබුණු බයික් එකත් අරන් ගියා ටවුන් එකට. අතිජාත මිත්‍රයෙකුටත් එන්න කියල  මද පමණට සෙට් උනා. ඒ කිව්වෙ???????????????? බිව්ව.....බිව්ව....

     ඉස්කෝලෙ ගියපු කාලෙ කතා, සමාජීය හා දේශපාලන කතා, ආගමික සංවාද එකී මෙකී සියල්ල ඉවර කරනකොට බෝතල් වගේම පියවි සිහියත් අවසානය කරා ළඟා වෙලා තිබුණා. යාළුවටත් යන්නං මචං කියාගෙන මමත් බයික් එකට නැගල ගෙදර ආවා. නෑ........ බයික් එක මාව ගෙදර ගෙනාවා. ඒ තරමට මගෙ සිහිය හොඳයි.


     හොඳ වෙලාවට ගෙදර එනකොට ගෙදර කවුරුත් නෑ. ඉක්මන්ට නාල කරල කාමරේට රිංගල දැම්ම පොඩි ඇලට් එකක්.

     මගේ කාමරේ තියෙන්නෙ ගේ ඇතුලෙ නෙවෙයි. ගෙදර ඉස්සරහ කොටසෙ ගෙදරට පිටින්. කෙටියෙන් කිව්වොත් මගේ කාමරේට යන්න ගේ ඇතුලට යන්න ඕන නෑ. ගෙදරට පිටින් තියන නිසා. ගෙදර යතුරු දෙකක් තියනව. එකක් මගේ ළඟ. අනික අම්මයි තාත්තයි ළඟ. 

     මං කිව්වනෙ එදා මං එනකොට ගෙදර කවුරුත් හිටියෙ නෑ කියල. ටික වෙලාවකින් ගෙදර කට්ටිය ආවා. මගේ කරුමෙට එදා අම්ම ළඟවත් තාත්ත ළඟවත් යතුර තිබිල නෑ. මට නින්දෙන් වගේ ඇහෙනව මා අමතන හඬ. 

ළමයෝ. යතුර දෙන්ඩ මේ ඉස්සරහ දොරේ. 

     හපොයි. දැන් කොහොමද මේ බේබදු මූණ පෙන්නගෙන යතුර දෙන්න යන්නෙ. එළ. නැගිටල බලද්දි කරුවල වැටිල. මං කරුවලේම නැගිටල කාමරේ ලයිට් එකවත් නොදා හෙමිහිට කාමරේ දොර ඇරල යතුර ළඟ තිබුන පුටුවෙන් තිබ්බෙ ළඟට ගියොත් බීපුවගෙ සුවඳ ඇවිත් මාට්ටු වෙන හින්දමයි. යතුර දීපු ගමන් ආයෙත් කාමරේ දොර වහගෙන ඇඳට පැන්නේ ආයෙත් නිදාගන්න හිතාගෙන. තාම බීපුව අම්බානක් වැඩ. මෙන්න විනාඩියක් යන්න හම්බුනේ නෑ තාත්ත තරහෙන් වගේ මහ හයියෙන් කෑගහනව.

මේකෙන් දොර අරින්න පුළුවන්ද යකෝ...

     මලා. මං වෙරිමතේ දීල තියෙන්නෙ ෂුවර් එකටම බයික් එකේ යතුර වෙන්න ඇති. දැන් මොකද කරන්නෙ. ක්ෂණිකව නැගිටල දොරේ යතුර හොයල කලින් විදියටම ආපහු තියල ඇවිත් නිදාගත්ත. මුලින් දුන්නෙ මොකක්ද කියලවත් බලන්න මට සිහියක් නෑ.

     පහුවදා උදේම නැගිට්ටෙ සඳුද නිසා වැඩට යන්න හිතාගෙන. නැගිටල මුකුත් නොවුන ගානට ගියා කුස්සියට. අම්ම උයනව. මාව දැකපු ගමන් අම්ම කෝපාවිෂ්ඨ උනේ නැද්ද.

මොකක්ද අර ඊයෙ හවස දොර අරින්න දුන්න එක ආආආආ.......

     ඇයි දෙයියනේ. මං රටක් රාජ්ජයක් මංකොල්ල කාපු විදියට නෙ ඇඟට කඩා පැන්නෙ. ඒ උනාට මාත් ගානකට නොගෙන කිව්ව 

මොකක්ද ඉතිං, බයික් එකේ යතුරනෙ මං දෙන්න ඇත්තෙ. මං මාර නිදිමතේ හිටියෙ...
කියල.

ඒක හොඳ නිදිමත. ආං දොර අරින්න දුන්න ඒක තියනව මේසෙ උඩ. ගිහිං බලනව...

අම්ම එහෙම කිව්ව හින්ද මං ගිහින් මේසෙ උඩ බැලුවා. 

හත් දෙයියනේ...... මෙහෙම වැඩක් හතුරෙකුටවත් වෙන්න එපා. අපොයි..මං දොර අරින්න කියල වෙරි මතේ යතුර වෙනුවට දී දීල තිබුනෙ මෙන්න මේකක්. මේවගෙන් පුළුවන්ද දොරවල් අරින්න. ඈ....?????

I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I



මං දොර අරින්න දීල තිබුනෙ මගේ ෆෝන් චාජර් එක.








28 comments:

  1. හි... හි.... හි.... එල ඈ.. මරු සීන් වෙන්නේ..බීලා කියලා මාට්ටු උනේ නැද්ද ඉතින්?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ගෙදරට කිව්වෙ නිදිමතේ හිටිය කියලනෙ.

      Delete
  2. මධුවො...මම මේ කල්පනා කරන්නේ " මද පමණට " බීලත් ඔහොම වෙනවා නම්....කන සාක්කුවේ වැටෙනකල් බිව්වොත් කොහොම තියෙවිද කියලා...හි හි...වස නෝන්ඩිය නෙ වෙලා තියෙන්නේ...

    මම වගේ අම්මා කෙනෙක් නම් දෙනවා දෙකක් අර මද පමණට ගත්තුවා එළියට පනින්නම.... :P

    ReplyDelete
    Replies
    1. ඉතින් හිතාගන්න මද පමණට කිව්වට ගත්තු ප්‍රමාණය. පටන් ගන්නෙ නම් මද පමණට කියල හිතාගෙන තමයි. ඒත් ටික වෙලාවක් යද්දි පමණ අපමණ වෙනව නොදැනීම. ගෙදරට දැනෙන්න දුන්නෙ නෑ. නිදි මත නිසා කියල කිව්වෙ.

      Delete
  3. හය්යෝ..මඤ්ඤං ද කොස් පොලොස් කිව්වලු.. බොට හම්බ වුනේ නැද්ද කලින් දවසේ මදි පාඩුව ගෙදරින්.. :D

    ReplyDelete
    Replies
    1. මුද්‍රණ දෝෂයක්!! උඩ කමෙන්ටුවේ "කලින්" යන්න "පස්සේ" ලෙස වෙනස් විය යුතුය. :)

      Delete
    2. හෑ....මොකද මුද්ද්‍රණ දෝශ ඇතිවෙන්නෙ. චන්දනත් බීලද කමෙන්ටු දාන්නෙ.

      මදි පාඩුව හම්බෙන්න කලින් ගෙදරින් පැනගත්ත.

      Delete
    3. බිව්වොත් කොහොමට හිටීද..:D

      Delete
  4. කොල්ලා එහෙනම් ඔලුව සාක්කුවට වැටෙන්න ගහලා වගේ... මගෙත් ඔය වගේ බේබදු කථා කීපයක් තියෙනවා... හිමින් හිමින් ඉස්සරහ දවසක ලියන්නම්.... මලයට ජය එහෙනම් !

    ReplyDelete
    Replies
    1. ඔළුව සාක්කුවේ නොව බිම තිබී පසුදා සොයාගතිමි.

      හෑ.. බේබදු කතා. කව්ද ඒවට එහෙම කියන්නෙ. ඒව නිකං සුරංගනා කතා වගේ. නැද්ද මං අහන්නෙ. ජය.

      Delete
  5. "බයික් එක මාව ගෙදර ගෙනාවා. ඒ තරමට මගෙ සිහිය හොඳයි." මටත් කොච්චර බිව්වත් සුක්කානම අල්ලගතතට පස්සේ ඉබේටම ගෙදරට එවෙනවා. හිකිස්........ ඔය වගේ සිද්දි මටත් වෙලා තියෙනවා ලියන්නම් කෝ පස්සේ.ලොකු දෙයක් ඔලුව පලගන්නේ නැතිව බේරුන එක

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න විනය ගරුක වාහන. හික්...දැන් නම් කෝරලේ මහත්තය ඒ තරමට බොන එක යුතු නෑ නේද?..අපි වගේ නෙවෙයි නෙ දැන් විවාහකයෙක් නේ..

      Delete
    2. කො‍්රලේ මහත්තයත් ඔය ජරාව බොනවද?

      Delete
    3. ඒ කෝරලේ පට්ටම අරන් හාමිනේව ගෙන්න කලින් දැන් නම් බොනවා නෑ වගෙයි

      Delete
  6. අහ්හ්හ්හ් හා...... තව මධුරංග කෙනෙක්...:D අදමයි මෙහාට ආවෙ...

    හෆ්ෆටසිලි මරු කතාව ඒක.. මේ තරම් වයර් මාරු ව්එනවාද හෆ්ෆා බිව්වාම...;)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව. දිගටම එන්න.

      මොනව වෙලාද මන්ද. එදා ටිකක් වැඩිපුර වයර් මාරු වුනා. :D

      Delete
  7. "අතිජාත මිත්‍රයෙකුටත් එන්න කියල මද පමණට සෙට් උනා".......

    අපි නොදන්න උබේ මද පමන....ඒක නෙමෙයි කව්ද බං ඔය කියන අතිජාත මිත්‍රයා.අපි දන්න එකෙක්ද....

    ReplyDelete
    Replies
    1. අතිජාත මිත්‍රයා සිදත් බං. සිදත්.

      Delete
  8. ඇත්තටම හිනා ගියා.උපදෙසක් දෙන්නම් මලෝ.අනේ බොන්න නම් එපා මත් වතුර.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. පොඩි ටොක්කක් ඇනල බොන්න එපා කියල දුන්නු අවවාදයට තැන්කූ හොඳේ. ජය.

      Delete
  9. හි හි..............හිතාගත්තහැකි කොච්චර "මද පමණ"ක් ද කියල..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. කිරල මැනල ප්‍රමාණයට ගන්නෙ. :D

      Delete
  10. හහ් හහ් හා......මරු වැඩක්නේ වෙලා තියෙන්නේ."මද පමණ" ගැන හිතා ගත හැකියි.
    අද තමා මං මේ පැත්තේ ආවේ.... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මද පමණ කිව්වේ. :D... ඇවිත් ගියාට ස්තූතියි.

      Delete
  11. අඩේ සිරාවටමද

    ගෙදරින් එලෙව්වේ නැති එකම ඇති


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. සිරාවටම තමයි..මේ පැත්තෙ ආපු එකම ලොකු දෙයක්..

      Delete
  12. අම්මාගේ කේන්තිය චාර්ජ් වෙන එක අහන්නත් දෙයක්ද :D

    ReplyDelete